Thursday, July 28, 2011

Google නිල බ්ලොග් අඩවි


මෙතන තියෙන්නේ ගුගල් එකේ හැම සේවාවකටම අයිති නිල බ්ලොග් අඩවි ටික.
  1. Google Blog : Google Blog
  2. Inside AdWords : Inside AdWords
  3. Inside AdSense : Inside AdSense
  4. Inside Google Book Search : Inside Google Book Search
  5. Inside Google Desktop : Inside Google Desktop
  6. Google Reader Blog : Google Reader Blog
  7. Google Research : Google Research
  8. Google SiteMaps Blog : Google SiteMaps Blog
  9. Google Video : Google Video
  10. Google Writely : Google Writely
  11. AdWords API Blog : AdWords API Blog
  12. Google Base Blog : Google Base Blog
  13. Blogger Buzz : Blogger Buzz
  14. Google Code : Google Code
  15. Google Enterprise Blog : Google Enterprise Blog
  16. Google Maps API Blog : Google Maps API Blog
  17. Google Talkabout : Google Talkabout

Wednesday, July 13, 2011

හැකර්ලව හැක් කිරිම - Phishing scam මෘදුකාංග හැක් කිරිම.

ඔය ගොඩක් ජංජාලයේ facebook hacker , gmail hacker , yahoo hacker කියලා තියන මෘදුකාංග තනිකරම scam / virus මෘදුකාංග . අපිට ඔය කියන facebook , gmail , yahoo වැනි වෙබ් අඩවි හිතුමතේට හැක් කරන්න බෑ , එම වෙබ් අඩවි වල සිටින Security experts ලා එහි ඇති Vulnerabilities (දෝෂ) අදුනාගෙන ඒවාට නිසි patch යොදා තිබෙනවා . එම නිසා අපට හිතුමතේට එම වෙබ් අඩවි වල database එකට ගිහිල්ලා අවශ්‍ය තොරතුරු ගන්න බෑ . මෙම වෙබ් අඩවි වල දෝෂ තිබිය හැක්කේ කලාතුරකින් (කලාතුරකින් කියන්නත් බෑ) වන අතර මෙම දෝෂ හඳුනාගැනිමට එක මෘදුකාංගයකින් කල නොහැකි අතර ඒ සඳහා නිසි දැනුමක්ද අවශ්‍ය වේ . garupale

ලංකාවේ උන්ට නම් ඉතින් කොච්චර කට කැඩෙන කම් කියුවත් අහන්නේ නෑනේ (සමහර මී හරක්ට) , මේ මී හරක් ‍රැලට කට කැඩෙන කන් කියලත් , මේ මෘදුකාංග දාලා බලලා කෙල වෙනකම්ම නින්ද යන්නේ නැ නෝවැ ........ garupale

පහත විඩියෝ 2 කම බලන්නකෝ , ඕකේ මම ඔය කියන scam මෘදුකාංගයක් හදලා ඕක crack කරලා පෙන්නනවා (* මෘදුකාංග හැක් කරන්න බෑ , crack කරනවා මිසක් !!! garupale).


මම අන්තිමට දෙන අවවාදය නම් Phishing scam මෘදුකාංග භාවිතා නොකරන්න Yahoo, Facebook, Gamil හැක් කරන්න .




Part 1







Part 2




අවශ්‍ය මෘදුකාංග සහ තොරතුරු :
Mail SMTP settings : http://www.emailaddressmanager.com/tips/mail-settings.html

decomplier : http://reflector.red-gate.com/Download.aspx

Hex Workshop : http://www.hexworkshop.com/

*මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!

Wednesday, July 6, 2011

Phone Games කම්පියුටරයෙන් ගහමු(Portable)



ඔන්න අදත් පොඩි ගැජට් එකක් අරං ආවා. මේක පෝටබල් සොෆ්ට්වෙයාර් එකක්.
හැමෝම වගේ කැමති ඇතිනෙ නෙට් එකෙන් බාපු Phone Game එකක් Phone එකට දාන්න කලින් වැඩ කරනවද කියල දැනගන්න. නොකිව්වට මමත් එහෙම්මයි. සමහර වෙලාවට හොඳද නරකද කියලත් බලන්න ඕනි වෙනවනේ. එහෙනම් මෙන්න ඒකට නියන Software එක. මේකෙ නම තමයි JAR 2 EXE Converter. මේකෙන් Phone වලට තියෙන Games Computer එකේ ගහන්න පුලුවන්. ඒ කියන්නෙ ඔය Full Screen නෙමේ. මේකෙන් පොඩි Phone එකක් වගේ Window එකක් එනවා. ඒ Phone එකේ අවශ්‍ය Buttons ඔබ ඔබ තමයි ගහන්න තියෙන්නෙ. ෆයිල් එකේ සයිස් එක මෙගාබයිට් 1.5 ක් විතර ඇති. ඔන්න එහෙනම් Download කරගෙන බලන්නකෝ.




උපුටා ගැනිම:  http://www.blogshan.tk/

Saturday, July 2, 2011

Photo එකක් text එකක් බවට පත් කරමු.

ඔයාල දැකල ඇතිනෙ  ගොඩක් අය facebook එකේ එහෙම text වලින් එක එක රූප රටා දාලා තියනවා. සමහර අයටනම් ඕවා දැක්කාම magik වගේ….  ඒත් ඔයාලටනම් එහෙම වෙන්නෙ නෑ. ඕවා හදාගන්න එක ඒතරම් ලොකු වැඩක් නෙමේ කරන්න තියෙන්නෙ මුලින්ම මෙතනින් ගිහින් මම දීලා තියන software  එක download කරගන්න
හරි දැන් ඒක zip කරලනෙ තියෙන්නෙ දැන් ඒක extract කරගෙන open කරගන්න.




දැන් resolution එකට කැමති අගයක් දීලා ඊට එහා පැත්තෙන් තියන කොටුවට text එක විදියට convert වෙන්න ඕන අකුරු ටික දෙන්න(ඕකෙ තියන අකුරු ටිකම තිබ්බානම් තමා වැඩේ ගොඩක් සාර්තක).

දැන් Open Image මත click කරලා convert කිරීමට අවශ්‍ය Image එක තෝරන්න.

හරි දැන් Convert මත click කරලා තෝරගත්ත Image එක text එකක් බවට  හරවාගන්න පුලුවන්.
දැන් ඔය text එක Clear මගින් මැකා දැමීමටතත් Copy Text මගින් text එක Copy කරගැනීමටත් Save Text මගින් Save කරගැනීමටත් පුලුවන්.

ඊට පස්සෙ ඔය text එක copy කරලා ඔයාලට ඕනා තැනකට දාගන්න පුලුවන්. ඔන්න එහෙනම් දැන් වැඩේ කරගන්න  විදිය පැහැදිලිනෙ. 

Autorun.inf වයිරස් එක අයින් කරලම දාමු!


මේ දවස් වල ගොඩක් කම්පියුටර්ස් වල පැතිරෙන වයිරස් එකක් තමා Autorun.inf කියන වයිරස් එකයි. ඕක ඉතිං කොච්චර වයිරස් ගාඩ් එකකින් රිමූ කරත් ඕක රිමූ වෙන්නෙ නෑ. ආයෙත් මාෂින් එක රීස්ටාර්ට් කරාට පස්සේ ඒක ආයිත් ඔයාගේ මැෂින් එකේ තියෙනවා පෙනෙයි. ඉතිං ඔය අයින් කරගන්න බැරි වයිරස් එක අපි කිසිම ගේමක් නැතිව අයින් කරමු.

මේ වයිරස් එක ගොඩක්ම ව්‍යාප්ත වෙන්නේ USB disk Drive (Pen-drive) මඟින්. ඉතිං අපි මේ වයිරස් එක හරියටම නැත්තටම නැති වෙලා යන්නම රිමූ කරන්නේ කොහොමද කියලා බලමු.


01. ඉස්සෙල්ලම Command Prompt එකක් ඕපන් කරගන්න. 
 Start --> Run ---> cmd යනුවෙන් ටයිප් කර එන්ටර් යතුර ඔබන්න.




02. cd\   යනුවෙන් ටයිප් කර එන්ටර් කී එක ඔබන්න

පින්තූරය පැහැදිලිව බලාගන්න පින්තූරය මත ක්ලික් කරන්න


03. attrib -h -r -s autorun.inf යනුවෙන් ඉන්පසු ටයිප් කරන්න. (02 රෑපය බලන්න)

04. del autorun.inf  යනුවෙන් ඊට පසු ලැබෙන ස්ථානයේ ටයිප් කර එන්ටර් කරන්න. (02 රෑපය බලන්න)
02 රෑපය

05. ඔයාගේ කම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න.


දැං ඉතිං වැඩේ ගොඩම තමා. එහෙනම් අලුත් පෝස්ට් එකකින් ආයෙමත් හම්බවෙමු.

Microsoft Software නොමිලේ බාගන්න Microsoft හරහාම...100% ක්ම නොමිලේ...!



සැහෙන්න කාලෙකින් හොද post එකක් දෙන්න බැරි උනානේ. ඔන්න මන් අද ගේනවා  කට්ටියටම ප්‍රයෝජනවත් වෙන නියම post එකක්...මේක Microsoft ආයතනය student ලට  නොමිලේ මෘදුකාංග දෙන site එකක්...100% ක්ම නොමිලේ...ඔයාලට Live හෝ Hotmail ලිපිනයක් පමණයි අවශ්‍ය වෙන්නේ...මෙතනින් යන්න... ඔයාලට අවශ්‍ය මෘදුකාංගය Download කරාට පස්සේ දවස් 30 කට Valid කියලා Display  වෙයි. එහෙම කිව්වට ඔයාලා Register වෙන්න. ඊට පස්සේ එයාලා Register Code එක දුන්නම එක Paste කරලා Complete Registration Button එක Click කරන්න..යම්කිසි ගැටළුවක් මතු උනොත් comment එකක් දාන්න...

ජය වේවා ....!
උපුටා ගැනිම : http://aiddami.blogspot.com

Friday, July 1, 2011

රහස් දේ රැකගන්න


ලංකාව දියුණුයි ලු. ඒත් අද ලංකාවේ වැඩිපුරම ඉන්නේ Internet explorer වලින් යන්තං අමාරුවෙන් Google හොයගෙන ගිහින් search box එකේ www.facebook.com කියලාම ගහලා facebook එකට ගොඩවෙන පිරිසක්. දවස පුරාම අන්තර්ජංජාලයේ සැරිසරනව වගේම එක එක පන්තිවල මිනිස්සුත් එක්ක ගොඩක් ගණුදෙනු කරන නිසා මම ඒ ගැන හොඳට දන්නවා. කොටින්ම කියනවා නං අපේ වැඩිදෙනෙක් අන්තර්ජාලයට ගොඩවදින්නේම මූණුපොතේ කරක් ගහන එකම සහ පරම පිවිතුරු චේතනාවෙන්. මේ පිරිසෙන් සියයට 60ක පමණ පිරිසක් පිරිමි අය. සියයට 35ක් පමණ පිරිසක් ගැහැණු අය. එතකොට ඉතිරි සියයට 05...? නෑ ඒගොල්ලෝ නපුංසකයෝ නෙවෙයි. කාන්තාවන් වගේ පෙනී සිටින පිරිමි අය ඒ ගොඩට වැටෙනවා.
මේ අතරින් බුකියෙදී (ෆේස්බුකියේදී) වැඩිපුරම අනාගන්නේ ගැහැණු අය තමයි. මොකද පිරිමි ළමයි යන්තං උගුරු දණ්ඩ මෝදුවෙන්න පටන් ගන්න කොටම කැෆේ අස්සේ රිංගලා එක එක ජරමල කරලා කොහොම කොහොම හරි යන්තං අන්තර්ජාලයේදී තමන්ගේ ජන්මේ බේරගන්න දන්නවා. ඒත් ගැහැණු අය නොදැනුවත්කම, නොසැලකිල්ල සහ මෝඩකම නිසා නිකරුනේ අමාරුවේ වැටෙනවා. (මෝඩයි කිව්වට තරහා ගන්න එපා. මේක කියවලාම බලන්නකෝ මෝඩ නැත්ද කියලා)
ඉතින් මම කියන්නම් ගොඩක් ගෑණු ළමයින් වරද්දගන්න තැන් කිහිපයක්.


Password/රහස් පදය භාවිතය


Password එහෙමත් නැත්නම් රහස් පදය කියන්නේ රහසේ තියාගන්න දෙයක්. ඒක තමන් විතරයි දැනගන්න ඕන. ඒත් සමහර අය ඉන්නවා තමන් දන්න අයට එක එක හේතු නිසා රහස් පදය දෙන. සමහරු තමන් ගොඩක් ආදරෙයි කියලා පෙන්නන්නත් තමන්ගේ බුකියේ රහස් පදය දෙනවා. කොහොම වුනත් කාට වුනත් තමන්ගේ රහස් පදය දෙන එක මෝඩ වැඩක්. කවුරුවත් ඔයා තරම් පරිස්සමට ඔයාගේ රහස් පදය පරිස්සම් කරන්නේ නෑ නේ. මතක තියාගන්න ඔයාගේ රහස් පදය, ඔයාගේ ප්‍රතිරූපය අනිත් අය ඉස්සරහ පෙන්වන ප්‍රදර්ශණ කුටියක යතුර වග. ඒ නිසා අනිත් රහස් දේවල් වගේම රහස් වචනයත් පිරිස්සම් කරගන්න.
ගොඩක් ගැහැණු අය කරන තවත් වැරැද්දක් තමයි හැමතැනටම එකම පාස් වර්ඩ් එක පාවිච්චි කරන එක. එයාලා email ලොග් වෙන්නයි ෆේස් බුක් ලොග් වෙන්නයි දෙකටම පාවිච්චි කරන්නේ එකම රහස් වචනය තමයි. මොකද හා හා පුරා කියලා ෆේස්බුක් අකවුන්ට් එකක් හදන්න ගියාමයි මතක් වෙන්නේ තමන්ට ඊ මේල් අකවුන්ට් එකකුත් නැති බව. ඉතින් හිටු කියලා ඒකත් හදනවා. පස්සේ දෙකටම දාන්නේ එකම පාස් වර්ඩ් එක. ඒක ලේසියි නේ. ලේසියෙන් අමතක වෙන්නෙත් නෑ නේ. එහෙමත් කරලා හදිස්සියෙවත් අමතක වුනොත් කියලා කොහේහරි ලියලා හරි ෆෝන් එකේ සේව් කරගෙන හරි තියාගන්න කට්ටියත් මම දැකලා තියෙනවා. හදිස්සියෙවත් ෆෝන් එකේ තිබිලා හරි කොහොම හරි පාස්වර්ඩ් එක හරි හමන් කෙනෙක්ට ලැබුනොත් ඊ මේල් එකත් ඉවරයි. ෆේස් බුකියත් ඉවරයි. මොකද ඊ මේල් අකවුන්ට් එක නැතුව ආපහු බුකිය අපේ අතට ගන්න අමාරුයි. අන්තිමට බුකියෙන් සෙට් කරගත්ත මඟුලත් ඉවරයි. 
අනිත් දේ තමයි තමන්ගේ නමේම කොටසක්, තමන්ගේ දුරකථන අංකය හෝ හැඳුනුම්පත් අංකය වගේ කෙනෙකුට පහසුවෙන් හොයාගන්න එහෙමත් නැත්නම් උපකල්පනය කරන්න පුළුවන් දෙයක් රහස් වචනය විදියට භාවිත කරන එක. තමන්ගේ පෙම්වතාගේ නම රහස් පදය විදියට භාවිත කරන අයත් ගොඩක් ඉන්නවා. එයාලා එහෙම කරන්නේ එතකොට ෆේස්බුක් ලොග්වෙන හැම වෙලාවකම එයාව මතක් වෙන නිසා ලු.හැබැයි කොල්ලව මතක් කරන් බුකියට ගියාට මොකද බුකියෙදී රටේ නැති කොල්ලෝ එක්ක රට වටේ යනවා. හැමෝම එහෙම නෑ. ඒත් එහෙම අය මම අනන්තවත් දැකලා තියෙනවා. හොඳම උදාහරණයක් තමයි මේක. දවසක් අපේ ඔෆීසියේ කෙල්ලෙක් මට උදේ වැඩට එද්දී බස් එකේදී හම්බවුනා. එයා මගෙන් අහනවා එයාට තව ෆේස් බුක් අකවුන්ට් එකක් හදලා දෙන්න පුළුවන් ද කියලා. එයා කියනවා එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් එයා වෙන කොල්ලොත් එක්ක චැට් කරනවට කැමති නෑ ලූ. මමත් ඉතින් හා කිවුවා. මට මොකෝ. ඒත් එයා එදා අවෙ නෑ හොර එකවුන්ට් එකක් හදාගන්න. පස්සේ හවස වැඩ ඇරිලා යද්දීත් මට එයාව ලිෆ්ට් එකේදී හම්බවුනා. ඒත් එයා කියනවා දැන් එයාට කව ෆේස් බුක් අකවුන්ට් එකක් ඕන නෑ ලූ. මම හිතුවේ එයාගේ බෝයි එයාට නිදහස දෙන්න ඇති කියලා. ඒත් බැලින්නම් මේකි ඒ කොල්ලත් එක්ක තරහා වෙලා ඒ කොල්ලව ෆේස් බුක් එකේ බ්ලොක් කරලා. ඕන්න ඕකයි තත්වේ.


අප්පා...පොස්ට් එක් හිතුවට වඩා දික් වුනා. ඒ නිසා දැනට මෙතනින් නවතිනවා. ඉක්මනටම ඔයාල කරන තවත් වැරදි ටිකක් ගැන කථාකරන්නම් කෝ. ඉතිරි ඒවත් මම දාපු ගමන් කියවන්න ඕන නම් ෆලෝ පාරක් දාලා යන්න. අනිත් එක ඔයාලගේ අදහස් එහෙමත් පහලින් ලියලා යන්න. මට වඩා කියන්න දේවල් ඔයාලට තියෙන බව මම දන්නවා.

උපුටා ගැනිම: http://www.blogshan.tk