Saturday, July 2, 2011

Autorun.inf වයිරස් එක අයින් කරලම දාමු!


මේ දවස් වල ගොඩක් කම්පියුටර්ස් වල පැතිරෙන වයිරස් එකක් තමා Autorun.inf කියන වයිරස් එකයි. ඕක ඉතිං කොච්චර වයිරස් ගාඩ් එකකින් රිමූ කරත් ඕක රිමූ වෙන්නෙ නෑ. ආයෙත් මාෂින් එක රීස්ටාර්ට් කරාට පස්සේ ඒක ආයිත් ඔයාගේ මැෂින් එකේ තියෙනවා පෙනෙයි. ඉතිං ඔය අයින් කරගන්න බැරි වයිරස් එක අපි කිසිම ගේමක් නැතිව අයින් කරමු.

මේ වයිරස් එක ගොඩක්ම ව්‍යාප්ත වෙන්නේ USB disk Drive (Pen-drive) මඟින්. ඉතිං අපි මේ වයිරස් එක හරියටම නැත්තටම නැති වෙලා යන්නම රිමූ කරන්නේ කොහොමද කියලා බලමු.


01. ඉස්සෙල්ලම Command Prompt එකක් ඕපන් කරගන්න. 
 Start --> Run ---> cmd යනුවෙන් ටයිප් කර එන්ටර් යතුර ඔබන්න.




02. cd\   යනුවෙන් ටයිප් කර එන්ටර් කී එක ඔබන්න

පින්තූරය පැහැදිලිව බලාගන්න පින්තූරය මත ක්ලික් කරන්න


03. attrib -h -r -s autorun.inf යනුවෙන් ඉන්පසු ටයිප් කරන්න. (02 රෑපය බලන්න)

04. del autorun.inf  යනුවෙන් ඊට පසු ලැබෙන ස්ථානයේ ටයිප් කර එන්ටර් කරන්න. (02 රෑපය බලන්න)
02 රෑපය

05. ඔයාගේ කම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න.


දැං ඉතිං වැඩේ ගොඩම තමා. එහෙනම් අලුත් පෝස්ට් එකකින් ආයෙමත් හම්බවෙමු.

No comments:

Post a Comment