Tuesday, June 14, 2011

Facebook එකවුන්ට් එක හැක් කරපු වෙලේම දැනගමුද?


මාතෘකාව දැක්කම නම් හිතාගන්න පුලුවන්නේ කොහොම දෙයක්ද කියල දෙන්න යන්නේ කියලා. මේ දවස් වල මට ගොඩක් අහන්න දකින්න ලැබුනා තමන්ගේ ෆේස්බුක් එකවුන්ට් එක හැක් කරලා කියලා. වෙලාවකට ඩිසබල් කරලා කියලා. ඉතිං මේකට හොඳම ආරක්ෂක විධි විධාන අපිට ෆේස්බුක් එක විසින්ම ලබා දීල තියෙනවා. සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති. ඒත් මේ කියල දෙන්නේ නොදන්නා අයටයි. එහෙනම් බලාගන්න.
මේකෙන් වෙන්නේ ඔයාගේ එකවුන්ට් එක කවුරැ හරි හැක් කරන්න හරි නැත්නම් වෙන කෙනෙක් ඔයාගේ එකවුන්ට් එකට ඇතුලු උන ගමන්ම ඔයාගේ ජංගම දුරකථනයට ඒ වෙලේම ටෙක්ස් මැසේජ් එකක් එනවා. ඉතිං අපි බලමු ඒ ෆියුචර් එක අපි කොහොමද අපේ එකවුන්ට් එකට ඇතුලත් කරගන්නා ආකාරය. ඔන්න පින්තූරත් එක්කම මම ඔයාලට දාල තියෙනවා.


මුලින්ම ඔයාලගේ එකවුන්ට් එකට ලොග් වෙලා Account වල තියෙන Account Settings වලට යන්න.


ඊට පස්සේ එකවුන්ට් සෙටින්ග්ස් වල තියෙන Account Security කියන එක උඩින් ක්ලික් කරන්න. එතකොට පල්ලෙහා රෑපෙ විදිහට එකක් ඕපන් වෙයි.
Account Settings ----> Account Security

දැන් ඔයාලට ඕපන් උනු වින්ඩෝ එකේ Send Me a Text Message කියන එක ඉස්සරහින් තියෙන කොටුව උඩ ක්ලික් කරන්න. එතකොට ඒ කොටුවේ හරි ලකුණක් වැටෙයි. ඊට පස්සේ Save බට්න් එක ක්ලික් කරන්න.
Account Security ---> Send me a Text Message ----> Save

සේව් කරල ඉවර වෙලා ඔයාල ලොග් අවුට් වෙලා ආයෙත් ලොග් වෙන්න. එතකොට ඔයාලව රෙජිස්ටර් කරන්න හදනවා. එතනට ඔයාගේ ඔයාගේ පරිගණකයේ නම ලබා දෙන්න.

දැං ඉතින් කවුරැ හරි වෙන කෙනෙක් ඔයාගේ එකවුන්ට් එකට ලොග් උනොත් හරි , හැක් කරන්න හැදුවොත් හරි ඔයාගේ ජංගම දුරකථනයට හරි නැත්නම් ඔයාගේ ඊමේල් ලිපිනයට හරි මැසේජ් එකක් එනවා. 
( ජංගම දුරකතනයට මැසේජ් එකක් එන්නේ ඔයා ෆේස්බුක් එකේ මොබයිල් මැසේජ් සෙට් කරං තියෙනවනම් විතරයි)

එහෙනම් ඔන්න වෙන එකක් එක්ක හම්බවෙමු. ඔයාලට මේ ගැන අදහස් උදහස් තියෙනවනම් දාලම යන්න. උදව්වක් වශයෙන් ෆලෝ පාරක් එහෙම දාන්න හොඳේ.

3 comments:

  1. ඇත්තටම වටින දෙයක්, ගොඩක් දෙනා ෆේස් බුක්වල එකව්න්ට් තියාගෙන හිටියට ඒවායේ ආරක්ෂාව ගැන දන්නෙ නෑ ඒ අයට මේක ගොඩක් වැදගත්.

    ReplyDelete
  2. ඔව් ඒ ගැන දැනුවත් කිරිමට මා මෙම මාතෘකව තොරගත්තේ

    ReplyDelete
  3. සහෝදරයා... මේ කමෙන්ටුව දාන්න ඕනම එකක් හින්දයි දාන්නෙ. ඔබතුමා මගෙ බ්ලොගයේ තිබිලා මේ පෝස්ට් එක කොපි කරානේ නේද?මගේ පෝස්ට් එක http://www.blogshan.tk/2011/06/facebook.html බලාගන්න. කමක් නෑ. ඒකට මගේ කිසිම විරැද්ධතාවයක් නෑ. හැබැයි මෙහෙම දෙයක්. ඔබතුමා මේකෙ අවසානෙට හරි මගෙ සයිට් එකට ලින්ක් එකක් දාල තිබ්බනම් හරි. අනික මම ඒ ගැන දන්වලත් තියෙනවා.http://www.blogshan.tk/p/warning.html ඔතනින් ඒ ගැන බලාගන්නත් පුලුවන්නේ

    ReplyDelete